රටේ පවත්නා හදිසි තත්වය හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
සංචරණ සීමා පනවා ඇති නිසා ජල පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීමේ අපහසුතා පැනනැගී ඇති බැවින් මාසයක සහන කාලයක් ලබාදීමට පියවර ගත් බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. මීට අමතරව ජල මීටර් සටන් ලබා ගැනීමේ දුෂ්කරතා ද මේ සඳහා හේතු වී තිබෙනවා.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට