කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජල පාරිභෝගිකයන් රුපියල් බිලියන පහක බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාම අභියෝගයට ලක්ව තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තිළිණ එස්. විජේතුංග මහතා ප්‍රකාශ කළේ පවතින දුෂ්කරතා හමුවේ වුවද අඛණ්ඩව ජල සැපයුමලබාදෙන බවයි.
නිකුත් කරන බිල්පත්වලින් සියයට 70 ක පමණ ප්‍රමාණයක් අය කරනු ලබන්නෙ ජල ඒකකයක් සඳහා වැය වන මුදලට වඩා අඩු ප්‍රමාණයක් බවද හෙතෙම කියා සිටියා.
2020 වසරේ දී රුපියල් බිලියන තුනක්ද, මෙම වසරේ ගත වූ මාස අටක කාලයේදී රුපියල් බිලියන දෙකක මුදලක්ද ජල පාරිභෝගිකයන්ගෙන් ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කිසිදු අමතර ගාස්තුවකින් තොරව මණ්ඩලයේ Smart pay app ජංගම යෙදවුම මගින් බිල්පත් ගෙවීමේ පහසුකම් ජල පාරිභෝගිකයන්ට ලබා දී ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.
ඊට අමතරව නිර්දේශ කර ඇති ස්ථානවලින්ද ජල බිල්පත් ගෙවීමේ හැකියාව පවතිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්