ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.
අද පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අනුර කුමාර දිසානායක මහතාට මීට පෙර දැනුම් දී තිබුණා.
ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදු වූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොමිසම මගින් සිදු කෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුලු පාර්ශ්ව 17 ක් පසුගියදා නම් කෙරුණා.
මේ අනුව මොවුන් අද එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ