ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ යාවජීව ගෞරවනීය සභාපති පදවිය Thomas Bach වෙත පිරිනමයි

144 වැනි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පූර්ණ සැසිවාරය ඊයේ (19) ආරම්භ විය.  එහිදී වසර 12ක් ධුරය දරමින් ඉවත්ව යන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා හට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ යාවජීව ගෞරව සභාපති පදවිය පිරිනමන ලදී.

2025 ජුනි 23 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අවසන් වන විට මෙම පදවිය භාර ගනු ඇත. ඔහුගේ ධුර කාලය තුළ, 2020 ඔලිම්පික් න්‍යාය පත්‍රය, ඔලිම්පික් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඔලිම්පික් සත්කාරක නගරවලට වැඩි මූල්‍ය සහයෝගයක් සහ ස්වයං පාලනයක් ලබා දීම යන කටයුතු ඔහුගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදු විය. එම සියළු පියවර දිගුකාලීන මෙන්ම සාධනීය බලපෑමක් ඇති කර තිබේ.

එමෙන්ම මෙම වසරේ, “චීන මාධ්‍ය සමූහයේ ගෞරවනීය සේවකයා” යන ගෞරව පදවිය ද ඔහුට පිරිනැමීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com