මැද පෙරදිග කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා මේ සතියේ මැද පෙරදිග සංචාරයක නිරත වීමට නියමිතය.
විශේෂ නියෝජිත Zhai Jun මහතා සංචාරය කිරීමට සැලසුම් කරන රටවල් සහ විවිධ පාර්ශ්ව හමුවීම් පිළිබඳව කරුණු පැහැදිලි කළ හැකිදැයි අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු විමසීය.
එයට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පැවසුවේ Zhai Jun මහතාගේ සංචාරයේ අරමුණ ජාත්‍යන්තර ප්‍රජාව අතර පොදු සම්මුතියක් ගොඩනැගීම බවයි. ගැටලුකාරී තත්ත්වයන් සහ ප්රචණ්ඩත්වය නැවැත්වීමට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කිරීම, තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම සහ තිරසර දේශපාලන විසඳුමක් සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට ද මෙහිදී අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි