ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව CCC මට්ටම දක්වා පහත දමා තිබෙනවා. මෙම තත්වය ඉදිරියේදී ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබෙන කීර්තිනාමය තවදුරටත් පහත වැටෙනු ඇත.
CCC කාණ්ඩයට හෝ ඊට වඩා අඩු ශ්‍රේණියකට වැටෙන රටක් අනාගත පුරෝකතන හෝ ශ්‍රේණිගත කිරීම් සඳහා සළකා නොබැලීම මෙහි ඇති බියකරු තත්වයයි. මෙම තත්වය හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු පියවීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති අතර එය තවදුරටත් ණය ලබා ගැනීමේදී දැඩි බාධකයක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ බාහිර අරමුදල් අවශ්‍යතා මධ්‍ය කාලීනව සැලකිය යුතු මට්ටමක පවතින අතර ෆිච් ශ්‍රේණිගත කිරීමේ මතය අනුව ලංකාවට එහි බාහිර ණය සේවා වගකීම් ඉටුකිරීමේ හැකියාවට ඇති අවදානම වැඩි වී තිබෙනවා.
2021 සිට 2025 දක්වා අතර කාලය තුළ මෙරට ණයගැතිභාවය ඩොලර් බිලියන 23.2 ක් වනු ඇති බවයි ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරන්නේ. ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත අඛණ්ඩව පහත වැටීමක් අපේක්ෂා කරන අතර බාහිර ණය ආපසු ගෙවීමේ දැඩි අවදානමක් ඇතිවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
එම ආයතනයේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතය 2019 වසරේදී 86.8% ක් ලෙස පැවති අතර එය 2020 වසරේදී 100% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 වසර වනවිට එම අනුපාතය 116% ක් දක්වා වර්ධනය වනු ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්