
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6%ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, පසුගිය මැයි මාසයේ දී 0.5% ක් දක්වා විශාල අගයකින් පහළ ගොස් ඇත.
මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය මැයි මාසයේ දී 2.4% ක් දක්වා සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්