අපේ ජන බල පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් යයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ තමන් අතර කිසිම අර්බුදයක් නැති බවද උන්වහන්සේ පවසති.
මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත්, ඒ නිසා මේ මන්ත්‍රී ධුරය ලැබුණාට වඩා නොලැබුණා නම් වඩා යහපත් යැයි දැන් සිතෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.
උන්වහන්සේ කියා සිටියේ ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අදවන විට කරුමයක් බවට පත්ව ඇති බවයි.
ගැටලුව නිරාකරණය කිරීමට විවිධ පාර්ශ්ව මගින් සිදුවෙන බලපෑම් හේතුකොට ගෙන අධිකරණයට ගොස් ගැටලුව නිරාකරණය කරගැනීම සුදුසු එකම පියවර බව රතන හිමි පැවසුහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්