ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරගයෙන් තේරී පත් වෙයි. වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස් කර ගත් හෙයින් (4) දා පැවැති නිලවරණයේදී කංචන ජයරත්න මහතා නිතරගයෙන් තේරීපත්ව ඇති බව නිල වශයෙන් නිවේදනය විය.
පාසල් අවධියේදී සිටම වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා හා බේස්බෝල් යන ක්‍රීඩා රැසක නිරත වෙමින් සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කර ගෙන ඇති කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සම්මේලනයෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි.
ඒ මහතා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස 2009 වසරේ දී පත් වූ ඒ මහතා එතැන් සිට වසර 12ක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත්, තරග කමිටු සභාපතිවරයා ලෙසත්, පුහුණුකරුවන් තේරීමේ කමිටු සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපතිධුරය, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ධුරය, රත්නපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති ධුරය, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය සහ රත්නපුර ටයිකොන්ඩෝ සංගමයේ සභාපති ධුරය හොඹවමින් සිටී.
වොලිබෝල් සම්මේලනයේ උප සභාපති තනතුරු 6ක් වෙනුවෙන් නාමයෝජනා 8ක් ලැබී තිබූ හෙයින් ඡන්ද විමසීමක් පැවැත්විණි. යුද හමුදා බ්‍රිග්‍රේඩියර් මහේෂ් පෙරේරා මහතා (ඡන්ද 141) වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබූ අතර, විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උපසභපති තනතුරට තරග කළ සී. රත්නමුදලි මහතා ඡන්ද 136ක් ලබා ගත්තේය. වෙළෙඳ සේවා සංගමයේ චන්දන විජේසිංහ (ඡන්ද 131), නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා (ඡන්ද 128), එයාර් කොමදෝරු පත්මන් ද කොස්තා (ඡන්ද 127) හා කපිතාන් ටී.එන්.ඩී. ද සිල්වා (ඡන්ද 121) යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස තේරී පත් වූහ. සීතාවක සංගමයෙන් තරග කළ බණ්ඩාර හේරත් (ඡන්ද 59) හා ජයසිරි පෙරේරා (ඡන්ද 23) යන මහත්වරු
පරාජයට පත් වූහ.
ප්‍රධාන සංවිධායක තනතුරට පුත්තලම දිස්ත්‍රික් සංගමයේ ධනපාල ජයපත්ම මහතා (ඡන්ද 123) තේරී පත් වූ අතර, ගම්පහ දිස්ත්‍රික් සංගමයේ ඒ.ඒ. ජයතිස්ස මහතා (ඡන්ද 54) පරාජයට පත් විය. මීට අමතරව ස්වාධීන කමිටු සාමාජිකයන් 11 දෙනකු තෝරා ගැනීම සඳහා අයැදුම්කරුවන් 14 දෙනකු අතර ඡන්දය පැවැත්විණි. එහිදී එන්.ඒ.පී. අජිත් නෙත්තසිංහ (ඡන්ද 135), ආර්.ඒ.ඊ.සී.එච්. රත්නසේකර (ඡන්ද 112), ඊ.ආර්. උපේන්ද්‍ර මහේෂ් විජේරත්න (ඡන්ද 112), එච්.පී.ඊ.ආර්. කුලතුංග (ඡන්ද 112), එච්. දීපාල් ඒකනායක (ඡන්ද 112), ඩී.එස්.ඒ. අරුණ සාන්ත (ඡන්ද 108), ජසෙන්තු නම්බි ප්‍රභාත් ඉන්දික (ඡන්ද 106), ලොකුගේ දොන් සුදත් (ඡන්ද 101), ඒ. රවිවර්මන් (ඡන්ද 77), යටවරගේ ලලිත් ප්‍රියන්ත (ඡන්ද 77) සමඟ කාන්තා නියෝජනය ලෙස රේණුකා නිල්මිණි මෙණෙවිය තේරී පත් වූවාය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තනතුරු තෝරා ගැනීමේදී ලේකම්, භාණ්ඩාගාරික හා නියෝජ්‍ය ලේකම් නිතරගයෙන් පත් වූ අතර, ලේකම් තනතුරට වෙළෙඳ සේවා සංගමයේ නාලක ශාන්ත සිරි, භාණ්ඩාගාරික තනතුරට රත්නපුර දිස්ත්‍රික්කයේ තුෂාර සම්පත් හා නියෝජ්‍ය ලේකම් තනතුරු දෙකට තරුණ සේවා සභාවේ සමන් අබේවර්ධන, පාසල් සංගමයේ සාන්ත සිරි මීගමුවගේ යන මහත්වරු පත් වූහ.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්