පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වූ බවට සැකකළ ධනපතියෙකු වන ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ලෝක ප්‍රකට අලිබාබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා චීනයේ දෙවන ධනවතා ලෙස සැලකේ. ලෝකයේ ධනවතුන් අතර 21වන ස්ථානයේ පසුවන ජැක් මා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වූ බවට වාර්තා පළ වුනි.
කෙසේ නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගී වූ ඔහු සුපුරදු ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර තිබේ. ඔහු කුමන ස්ථානයක සිට එම වීඩියෝ පටිගතකිරීම සිදුකළේ ද යන්න තවමත් හෙළිව නොමැත.
ජැක් මා චීන රජය විවේචනයට ලක්කිරීම සහ චීනය හොංකොං රාජ්‍යයට සිදුකරන අත පෙවීම් පිළිබඳ දැඩිලෙස විවේචනයට ලක්කළ අයෙකි.
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු