එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩූ ප්ලෙසිස් මෙවර ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වන්නේ පළමුවරට ය.
ඒ අනුව ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදේශීය Icon player ලෙසත් රියාස් විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක්වනු ඇත.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරාත් ප්‍රධාන පුහුණුකරු ලෙස තිලිණ කණ්ඩම්බි ද කටයුතු කරති.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි