ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා
ඒ ඊයේ රාත්‍රියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති අවසන් පූර්ව වටයේදී ලකුණු 23ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ක්‍රීඩකයින් මෙවර තරඟාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකූණු 210ක් ලබාගත්තා
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ලට ලකුණු 122ක වේගවත් සබදතාවක් ගොඩනැගුවා
පන්දු 64කට පමණක් මුහුණදුන් අවිෂ්ක ප්‍රනාන්දු ශතකයක් රැස්කළ අතර ඒ මෙවර තරඟාවලියේ වාර්තාවූ එකම ශතකයේ හිමිකරුවා බවට පත්වෙමින්
රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 40ක් තුළ ලකුණු 70ක් රැස් කළා
පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද හුදකලා සටනකට නිරත වූ චාමික කරුණාරත්න තරඟය අවසන් වන විට පන්දු 47ක් තුළ නොදැවී ලකුණු 75ක් රැස්කරගෙන සිටියා
ඒ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් පමණයි
ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ හෙට දිනයේදී අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්