ගිනිගැනීමකට ලක්වන නිවසක සිරවී සිටි ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයන් දෙදෙනෙකුගේ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්ය.
මෙම වීර ක්‍රියාව සිදුකරන්නේ Anthony Lombardi සහ Mario Comella යන අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් විසින්ය.
ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ නිවසක් පසුකර යන අවස්ථාවේ නිවසේ ගිනි ගැනීම් පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥාව නාද වී ඇත.
එම අවස්ථාවේ ඔවුන් නැවත එහි පැමිණ ඉතා ඉක්මණින් ඔවුන්ගේ මිතුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ.
එහිදී ලැබෙන රහස් අංකය භාවිත කර නිවසේ ඉදිරිපස දොර විවෘත කරගන්නා මෙම දරුවන් නිවසේ සිරවී සිටි සුනඛයන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වෙයි.
එම වීර ක්‍රියාව නිවසේ ඉදිරිපස දොරෙහි සවිකර තිබූ කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි