විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් . පීරිස් මහතා අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.
හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම , සිවිල් ක්‍රියාකාරීන් මර්දනය ඇතුලු චෝදනා රැසක් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ ඉදිරිපත් කර තිබුණා.
විදේශ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ එල්ලකල චෝදනාවලට එහිදී පිළිතුරුලබා දීමට අපේක්ෂිතයි.
අදාළ වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර සාමාජික රටවල් – සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව ගණනාවක් අද ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ