පසුගියදා ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය අද (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා.
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද ජෙනරල් නිලයට උසස් කරන ලදී.




More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග