එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් දකුණු වැලමිටේ තවත් ස්කෑන් පරීක්‍ෂණයකට පසුගිය සතියේදි භාජනය වූ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයට තහවුරු කලා.
ස්කෑන් පරීක්‍ෂණ වලදී හෙළිවූයේ ඔහුගේ දකුණු වැලමිටේ නැවත වරක් බිඳීමක් සිදු වී ඇති බවයි. එම හේතුව නිසා 2021 වසරේ ඉතිරි කාලය තුළදී එංගලන්ත කණ්ඩායම සහභාගි විමට නියමිත තරග වලින් ඔහුව ඉවත් කර ඇති අතර ඉන්දියාවට එරෙහිව දැනට පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය, විස්සයි 20 ලෝක කුසලානය සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළු බඳුන තරඟාවලියද ඔහුට අහිමි වනු ඇත.
26 හැවිරිදි ජොෆ්රා ආචර්ගෙ වැලමිටෙන් අස්ථි කැබැල්ලක් ඉවත් කිරීමෙ සැත්කම මැයි මාසයෙදි සිදුකළ අතර ඔහු පසුගිය මාසයේ නැවත පළමුපෙල තරග ක්‍රිඩා කලේය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්