එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් COVID -19 දෙවන පරීක්ෂණයෙදි ප්‍රථිපලය negative වීම හේතුවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත පුහුණු සංචිතය හා එකතු වි ඇත.
ඔහුගෙ පවුලෙ සාමාජිකයෙකු COVID-19 රෝගයෙ ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ජොෆ්රා ආචර් මුලින් පුහුණු කඳවුරේ සාමාජිකයෙකු නොවීය. නමුත් දැන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා වන පුහුණු කඳවුරට බැඳීමට අවසර ලැබී තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාව ජූලි 8 වනදා ආරම්භ විමට නියමිතය.පළමු තරගය සවුදැම්ටන් හිදි පැවැත්වෙන අතර මෙ වනවිට එංගලන්ත පුහුණු කදවුර පැවැත්වෙන්නෙද එහිමය.
ජොෆ්රා ආචර්, බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලට අයත් බාබඩෝස් රාජ්‍යයෙ උපත ලැබුවද, ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තීරණය කළ අතර, මෙතෙක් ඔහුගේ කෙටි වෘත්තීය ජීවිතය තුළ එංගලන්තයට ඔහු අත්‍යාවශ්‍යම ක්රිඩකයකු බව තහවුරු කර හමාරය.
*චානක අරවින්ද
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්