ජෝ බයිඩන් යළි ඇමරිකානු ජනාධිපතිධුරයට පත්වීමට සමීක්ෂණයකට එක්වූ අය අතරින් 56% ක් සහාය නොදක්වන බව ඇමරිකාවේ NBC News ඊයේ (24) පළ කළ එම මත විමසුමේ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. එම අනුපාතය වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ වාර්තාවූ අඩුම පිළිගැනීමේ මට්ටමයි.
එම විමසුමට අනුව, ඔහුට සහාය දක්වන අනුපාතය 41%ක් වන අතර, එය පෙරට වඩා පහත වැටීමකි. වයස අවුරුදු 18 සිට 24 දක්වා ඡන්ද දායකයින් දක්වන සහාය 46%ක් වන අතර , ලතින් ඡන්ද දායකයින් අතර එය 43%කි. මධ්‍යස්ථ ඡන්ද දායකයින් අතර එම අනුපාතය 36% ක මට්ටමක පවතී.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ