බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අද (21) කොළඹ මහාධිකරණයේදී අධිචෝදාන පත්‍ර ලබාදී තිබෙනවා.
කූරගල රජමහා විහාරයේදී කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට වන චෝදනා ඥානසාර හිමියන්ට එල්ල වී ඇත.
ඒ අනුව අධිචෝදාන පත්‍ර බාර දීමෙන් පසු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රුපියල් ලක්‍ෂ 10ක් වටිනා ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන නොවැම්බර් මස 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උන්වහන්සේට නියෝග කර තිබේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්