මුස්ලිම් අන්තවාදයක් ශ්‍රී ලංකාවේ බරපතල ලෙස ක්රීයාත්මක වෙමින් තිබෙන බව තමන් වහන්සේ 2013 වසරේ දී හෙළි කළ බවත්, එම අනතුර පිළිබඳ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සැළ කර සිටි බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළා.
ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.
ත්රස්තවාදයට වඩා වෙනස් මුහුණුවරකින් මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳ බුද්ධි අංශ යොදවා කරුණු අනාවරණ කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද උන්වහන්සේ සඳහන් කර තිබුණා.
මේ අතර අන්තවාදී කණ්ඩායම්වල ආක්‍රමණශීලි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරුණු පෙන්වා දී තිබුණා.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවලින් 60 % ක් අන්තවාදී කණ්ඩායම් විසින් විනාශ කර ඇති බවත්, උන්වහන්සේ පෙන්වා දුන්නා.
නිකාබ් සහ බුර්කා පැළැඳීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ යුතු බවටද යෝජනා කළ උන්වහන්සේ එමගින් විශාල අනතුරක් සිදුකිරීමේ හැකියාව පවතින බවද පැවසුවා.
එමෙන්ම හලාල් ක්‍රමය අහෝසි කරන බවට මුස්ලිම් නායකයින් පොරොන්දු වුවද මේ වන විට නැවතත් හලාල් නිෂ්පාදන වෙළෙඳපොල ආක්‍රමණය කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දුන් තවත් කාරණයක්.
එමෙන්ම අන්තවාදී ඉගැන්වීම් සිදුකරන තුරු අවදානමෙන් රට මුදාගත නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
දින 3 ක් පුරා අඛණ්ඩව ලබාදුන් සාක්ෂිවල බරපතලකම සැළකිල්ලට ගනිමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ජනාධිපති කොමිසම අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්