අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී සිය පක්ෂයේ මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බව එම පක්ෂය පවසයි.
අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමද එහිදී සලකාබැලෙනු ඇති බවය.
“මේක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධූරයක්. අපි ඊළඟට නම් කරන කෙනා කවුද කියලා ඉදිරියේදී තීරණය කරනවා. මිනිස්සුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන ඩීල්වලට පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක් පක්ෂයකට වැඩක් නෑ. හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නයි උන්වහන්සේට ඕනේ. ඥානසාර හිමියන්ගේ නමත් තියෙනවා නේ. අපි උන්වහන්සේ නම් කරනවා කියලත් කිව්වා නේ. ඒක ගැන දේශපාලන බලමණ්ඩලය ඉදිරියේදී සුදුසු තීරණයක් ගනී.”
2020 වසරේ අගෝස්තු මස 05 වනදා පවැත් වු පාර්ලිමේන්තු මැතිවරණයෙදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි.
කෙසේවෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනාවීමත් සමග අර්බුදයක්ද හටගත්තේය.
ඒ හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකු නම් කෙරුනේ නැත.
අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 5වනදා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුනි.
කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකර ඇති බව ඊයේ (15) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.
එම පක්ෂයේ ලේකම්වරයා විසින් එය දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්