‘ටයිෆෝන්’ මැදදුර මිසයිල පද්ධතිය වැනි ගැටළු සම්බන්ධයෙන් පිලිපීනය තමන්ටත් අන් අයටත් හානි නොකළ යුතු බවට චීනය අනතුරු අඟවයි.
පිලිපීන නායකයාගේ එරට මැදදුර මිසයිල ස්ථානගත කිරීම පිළිබඳ ප්‍රකාශයට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(12) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතිය ස්ථානගත කිරීම සම්බන්ධයෙන් චීනය එයින් සිදුවන බරපතල හානිය සහ සිය දැඩි විරෝධය නැවත නැවතත් ප්‍රකාශ කර ඇතැයි Guo Jiakun මහතා එහිදී පෙන්වා දී තිබේ.
කවුරුත් දන්නා පරිදි, ‘ටයිෆෝන්’මැදදුර මිසයිල පද්ධතිය යනු බහුතර අග්නිදිග ආසියානු රටවල් ආවරණය වන පරාසයක් සහිත උපායමාර්ගික ප්‍රහාරක අවියකි. ඇමරිකාව පිලිපීනයේ එම පද්ධතිය ස්ථානගත කිරීම කලාපීය සාමය හා ස්ථාවරත්වය මෙන්ම සෙසු රටවල සාධාරණ ආරක්ෂක අයිතිවාසිකම්වලට හානි කර ඇතැයි Guo Jiakun මහතා පැවසීය. පිලිපීනය ඇමරිකාව සමඟ පවතින සහයෝගය හේතුවෙන් තමන්ගේම ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව නොසලකා “ටයිෆෝන්” තම රටට හඳුන්වාදීම, භූ දේශපාලනික ගැටුම් සහ යුදමය තරඟයේ අවදානම එම කලාපයට හඳුන්වාදීමකි. පිලිපීනයේ එම ක්‍රියාව තමන්ටත් අන් අයටත් හානි වන බව ද Guo Jiakun මහතා අවධාණය කළේය.
More Stories
චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට එරෙහිව තර්ජනයක් එල්ල කෙරෙන ඕනෑම ක්‍රියාවකට චීනයෙන් දැඩි විරෝධය
රත්රන් මිල අඛණ්ඩව ඉහළට
ඇමරිකාවේ වානේ සහ ඇලුමිනියම් තීරුබදු වලට එරෙහිව යුරෝපා සංගමයෙන් දැඩි ප්‍රති-පියවර