උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (16) අරලියගහ මන්දිරයේ පවත්වා තිබේ.
නොවැම්බර් මස පළමුවනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් අද දිනයේ සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමි නොවේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්