සීමා කිරීම්වලට යටත්ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හෙට (24) සිට ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකි ය.
මීට අමතරව තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (කාඩ්පත) ඉදිරිපත් කළ යුතු ය.
ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතු ය.
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය හෙටයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි