ජාත්‍යයන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට වඩාත් කාර්ය බහුල මාසයක් අදින් ඇරඹෙනවා.
ඒ අනුව මාර්තු මාසය තුළදී ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 4ක් පැවැත්වීමට නියමිතයි
එය ඇරඹෙන්නේ එලඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන්
එය තරඟ දෙකකින් සමන්විතයි
එමෙන්ම සංචාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම හා පාකිස්තානය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියද ඇරඹෙන්නේ මාර්තු මස 4වනදා සිටයි
සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු මස 8 වනදා ආරම්භ වීමට නියමිත අතර මාර්තු මස 31 වනදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද ආරම්භ වනවා.
මෙම තරගාවලි සියල්ල කණ්ඩායම් වලට අතිශය වැදගත් වන්නේ එය ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉවහල් වන බැවින්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්