ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ටොම් මූඩි මහතා ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.
මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2005 සිට 2007 දක්වා කටයුතු කළ ටොම් මූඩි මහතා 2007 ලෝක කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව මෙහෙටවීමට පුහුණුකරු ලෙස දායක වුණා.
මෙම වසරේ මාර්තු මස පළමු වනදා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරනු ලැබුවා. ඔහු එළඹෙන වසර තුන තුළදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ද විදෙස් තරඟාවලි සැලැස්ම, දේශීය තරඟාවලි ව්‍යුහයන්, ක්‍රීඩක නිපුණතා වර්ධනය ඇතුළු කාර්යන් රැසක් අධීක්ෂණ කරමින් පවතිනවා.
මේ අතරතුර ඔහු ජුනි මාසයේදී ඇරඹෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමේ වගකීමද දැරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව එංගලන්තයේදී එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟ 3කට සහභාගී වීමට නියමිතයි. එම තරඟාවලි ජුනි මස 23 වන දා ආරම්භ වීමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්