ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් කරා යාමට තමා හොඳින් සූදානම් වන බව අශ්වාරෝහක ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ මැටිල්ඩා කාර්ල්සන් පැවසීය.
ඒ තරගයෙන් අනතුරුව ටෝකියෝ නුවර සිට අදහස් දක්වමිනි.
තමා ටෝකියෝ නුවරට පැමිණියේ පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වුවත් එම බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් මැටිල්ඩා පැවසීය.
එහිදී අදහස් දැක්වූ මැටිල්ඩා ‘අපි දැන් ගෙදර ගිය ගමන් ලබන වසර වෙනුවෙන් නව සැලැස්මක් අනුව පුහුණුවීම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. තවත් නව අශ්වයෙකු වෙනුවෙන් අනුග්‍රාහකත්වයක් සොයන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ අශ්වයා වුණු ‘චෝපී’ ගේ පීඩනය හුවමාරු කර ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් අතරට එන්නත් බලාපොරොත්තු වෙනවා. ආසියානු ක්‍රීඩා උළෙල ඔලිම්පික් උළෙලට වඩා තරමක් පහසු යැයි මා විශ්වාස කරනවා. මම ඔලිම්පික් ආවේ අවසන් තරගයේ ස්ථානයක් වෙනුවෙන්. නමුත් මම ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් පුහුණුවීම් කරනවා’ යි පැවසුවාය.
මැටිල්ඩා යනු ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ස්වීඩන ජාතිකයෙකු වන අතර ඇය ඔලිම්පික් උළෙල ඉතිහාසයේ අශ්වාරෝහක ඉසව්වක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වේ.
photos from gettyimages.com
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි