මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වුණා. රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනිමින් මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි.
ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ අමෙරිකාව වීම විශේෂත්වයක්. මීට අමතරව චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.
සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. මෙවර ඔලිම්පික් ක්රිඩා උළෙල සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රිඩක ක්රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.
මීලග ඔලිම්පික් ක්රීඩා උළෙල 2024 වර්ෂයේ ප්රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්