20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශකිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවය.
එබැවින් සමගි ජන බලවේගය පක්ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ සඳහන් වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්