‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන, පර් යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මගින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදීම මෙම නව ආයතනය ආරම්භ කිරීමට හේතුවී තිබේ.
දැනටමත් ජනමාධ්‍ය ක්ෂේත්රයේ සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය කළමනාකරුවන්ට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්රයට යොමු වීමට අපේක්ෂිත පාසල් සිසුන්ට ජනසන්නිවේදන විෂය අධ්‍යයනය කිරීමට, අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ධාරිතා වර්ධනය කර ගනිමින් වෘත්තීයමය භාවය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව මෙමගින් සැලසෙන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (06 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස මෙය ස්ථාපිත කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවැසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්