ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් සංදේශය ඉදිරිපත් කර ඇත .
කොවිඩ් තත්වය හේතුවෙන් ලොව පුරා ගොඩනැගෙන නව සංචාරක අංශයක් ලෙස ඩිජිටල් සංචාරක කර්මාන්තය හැඳින්වෙන අතර ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.
දැනට අර්බුදයට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සහ වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීම සඳහා නව සංචාරක මාර්ගයක් ලෙස ශ්‍රි ලංකාවද ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ශා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
මෙම ඩිජිටල් සංචාරකයින් මාස කීපයක්, අවුරුදු ගණනක් ආදී වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටිම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ සංසරණය කරනු ලබයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්