ෂැංහායි ඩිස්නිලන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව එම කාන්තාව විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.
ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් පවසයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ