ඩෙංගු රෝගට දරුවන් වැඩි වශයෙන් ගොදුරුවිමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ මේ දිනවල දරුවන් නිවෙස්වල කාලය ගත කිරීම නිසා ඔවුන්ට ඩෙංගු වැළදීම වැඩි වී ඇති බවයි.
පාසල් පද්ධතියේ පරිසරයට සාපේක්ෂව නිවෙස්වල ඩෙංගු තවාන් වැඩි
පාසල් පද්ධතියේ පරිසරයට සාපේක්ෂව නිවෙස්වල ඩෙංගු තවාන් වැඩි වශයෙන් දැක්නට ඇති බව ඔහු පැවසීය.
උණ, හිසරදය සමග මස්පිඩු වේදනාව සහ ඇස් යට කැක්කුම ඩෙංගු රෝගයේ ප්‍රධාන ආවේණික ලක්ෂණ බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
එමෙන්ම දින තුනකට වඩා දරුවන්ට උණ තත්ත්වයක් පවතී නම් ළගම ඇති රෝහලකට රැගෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහතා මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
ඩෙංගු වැළදී ඇති බවට සැකයක් පවතී නම් පැය 24ක් තුළදී ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකළ හැකි බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඩෙංගු රෝගයේ ලක්ෂණ කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ වලට බොහෝ දුරට සමාන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්