මෙරට ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේදී දැනට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 7 ක් වන අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 15,272 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 4,600 ක්. ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට