මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති වීමේ අවදානමක්
ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ප්‍රාන්ත මහ ඇමැති උද්දාව් නක්රේ නිලධාරීන්ට උපදෙස් දෙමින් ඖෂධ, රෝහල් ඇඳන් ආදී පහසුකම් පිළිබඳ සූදානමින් සිටින ලෙසට දක්වා ඇත. තෙවැනි වටයක් ඇති වුවහොත් එය දෙවැනි වටය මෙන් දෙගුණයක ආසාදිතයන් වාර්තා වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. එබැවින් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර අනුගමනය කළ යුතුව ඇති බව බලධාරීහු පවසති.
නව රැල්ල ආවොත් පැතිරීමේ වේගය දෙගුණ වන බවට අනාවැකි
කොවිඩ්-19 සෞඛ්‍ය උපදෙස් හා රෙගුලාසි නිසියාකාර පිළිපැදීමක් සිදු නොවුණහොත් දෙවැනි රැල්ල අවසන් වීමටත් පෙර තුන්වැනි රැල්ල නැගෙනු ඇති බවට කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය අනතුරු අඟවා සිටී. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ග්‍රාමීය ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙසට මහ ඇමැතිවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇත. තුන්වැනි වටයට මුහුණ දීම සඳහා ඇති සූදානම සමාලෝචනය කිරීම පිණිස පැවති රැස්වීමකදී ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වඩාත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් බව අවධානයට ලක්වී තිබිණි.
ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලට අනුව සක්‍රීය රෝගීන් සංඛ්‍යාව අට ලක්ෂය දක්වා ඉහළ යාමට ඉඩ ඇත. ඉන් සියයට 10ක් ළමුන් වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම අවදානම් තත්ත්ව සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින ලෙසත් එම ක්‍රියාමාර්ග ලිහිල් නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත දක්වන පරිදි ප්‍රාන්තය තුළ පළමු රැල්ලේදී වාර්තා වූ රෝගීන් ගණන ලක්ෂ 19කි. දෙවැනි රැල්ලේදී එය එමෙන්ම දෙගුණයද ඉක්මවූ අතර එය ලක්ෂ 40කි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්