නවසීලන්තය තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ තරම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණ වී නොමැති බැවින් අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය තෙක් රට වසාතබන බව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් අද (20) නිවේදනය කළාය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය ආශ්‍රිතව හඳුනාගත් නව පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31කි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 11 දෙනෙක් අද දිනය තුළත් එරටින් හඳුනාගත් බව එරට මාධ්‍ය පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණම නගරය වන සිඩ්නි නුවර සැප්තැම්බර් අවසානය තෙක් ලොක්ඩවුන්කර තැබීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිව්වැනි කොවිඩ් රැල්ලකට මුහුණපා සිටින ජර්මනියේ කොවිඩ් වෛරස ආසාදිතයින් යළි ඉහළයමින් ඇති බව වාර්තා වෙයි.
එරට දෛනික ආසාදිතයන් මේ වන විට 8,000 ඉක්මවා ඇති අතර මින් සතියකට පෙර එම අගය පැවතියේ 3,000 සීමාවේය.
ගෝලීය වශයෙන් හඳුනාගත් කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 21 ඉක්මවා තිබේ.
කොවිඩ් හේතුවෙන් මේ දක්වා ලක්ෂ 45කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි