ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඒ අනුව ජනතාවට ඇත්ත පවසා ප්‍රවේසමෙන් සිටිය හොත් මෙම අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ