චීන රජය පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ රාත්‍රියේ දිවයිනට ලඟා වී තිබෙනවා.
මෙරට හදිසි අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ද ඒ අතර වන බව සඳහන්.
මෙම ඖෂධ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට