රට පාලනය කිරීමේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂාවන් සහතික කරන ප්රජාතන්ත්රවාදී ක්‍රමයෙන් තමන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එහෙත් ලැබෙන නිදහස අයුතු ලෙස භාවිත නොකරන ලෙස ජනාධිපතිවරයා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති මහවැලි ලාභීන් ලක්ෂයකට මහවැලි රන්බිම ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
‘සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව ජනතාවට නිරවුල් ඉඩම් අයිතියක් ලබාදීමේ අරමුණින් රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
පළමු අදියර යටතේ මහවැලි කලාප 10ක ගොවි ජනතාව වෙත හිමිකම් ඔප්පු 35,000ක් පිරිනැමීමට නියමිතය.
මහවැලි ප්‍රදේශවල පදිංචි ගොවීන්ගේ සියලුම ඉඩම් ඔප්පු බෙදාදීම ලබන වසර අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තිබීම නිසා අයිතිකරුවන්ට උරුමය පවුලේ සාමාජිකයින්ට පැවරීම සහ ඉඩම ඇපකරුවෙකු ලෙස තබාගෙන මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා ගණනාවක් හිමිවේ.
රන්බිම ඔප්පු වැඩසටහන සංකේතවත් කරමින් 30 දෙනෙකුට ඔප්පු ප්රදානය කිරීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු විය.
විදේශ විනිමය නොමැතිකම මේ වන විට රට මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. COVID-19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ රැකියාවලින් ලැබෙන විදේශ විනිමය අහිමි වීම මෙයට ප්‍රධාන හේතුවකි. පහුගිය ආණ්ඩු ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ගැටලු තමාගේ හෝ රජයේ වරදකින් ඇති වූවක් නොවන බවයි.
පවතින අභියෝග ජය ගැනීම සඳහා විපක්ෂය, ජනතාව සහ රජය එක්ව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් කඩාකප්පල්කාරී වැඩ වර්ජන සහ අසත්‍ය ප්‍රචාර සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බව ද කියා සිටියේය.
වසර 20කට වැඩි කාලයක් ජීවත් වූ මහවැලි ප්‍රදේශයේ නීත්‍යානුකූල අයිතිය අහිමි වූ ජනතාවට අවසානයේ හිමිකම් ඔප්පු ලැබීම පිළිබඳව රජය ද සතුටට පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
රසායනික පොහොර ආනයනය සීමා කළ පසු ඊනියා විප්ලවවාදී පක්ෂ පාරට බැස ඇති බවත් කුඹුරුවලට ගිනි තබා වගා විනාශ කරමින් උද්ඝෝෂණ කළේ ගොවියාට ආදරයෙන් නොව දේශපාලන වුවමනාවට බවත් අගමැතිවරයා කීවේය. ලබාගන්නවා.
හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳිය නොහැකි බවත් ජාතික අවශ්‍යතා මත සියලු ගොවිබිම් අස්වැද්දීම ගොවි ජනතාවගේ යුතුකම බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
මහවැලි කලාපයේ තුන්වන පරම්පරාව ව්‍යවසායකයින් බවට පත්කිරීමේ වගකීම රජය වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්