ලංකාව මුහුණ දෙන ණය බරින් මිදීම සඳහා පුර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සමග මෙරට කංසා වගා කිරීම සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවට යෝජනා කර සිටියහ.
ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ණය බරින් මිදී සිටින රටවල් බොහොමයක් සිය ණය බර අඩුකර ගැනීම සඳහා කංසා වගා කොට ඒවා විදේශ රටවලට අලෙවි කිරීම සිදුකරන බවය.
“කංසා අප රට තුළ වගා කරලා, අපිට පුළුවන් මේ ණය බරින් නිදහස් වෙන්න. හැමදාම මේ රට බංකොළොත් කිය කිය ඉන්න විපක්ෂයේ අයටත් මට කියන්න තියෙන්නේ, සර් ෆේල්, සර් ෆේල් කියනවා. ඒක තමයි අපි 20 ගෙනල්ලා සර්ට බලය දීලා තියෙන්නේ”
“එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”
“ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්