අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් කඩිනමින් ලබාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
ජුනි මස අවසන් වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළඹීමට බලාපොරොත්තු වන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති