ජනගහණයෙන් මිලියනයකට සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය සැලකීමේදී ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉන්දියාවටත් ඉදිරියෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
“දැනට රටේ තියෙන තත්වය ගත්තාම ලංකාව කොතනද තියෙන්නෙ කියන එක, මේ වනතුරු අපට වාර්තා වන ආකාරයට අපි වාර්තාවක් ඇසුරෙන් ගත්තොත් මිලියනයකට මරණ සංඛ්‍යාව ගත්තාම ශ්‍රී ලංකාව පසුවෙන්නෙ 2.39 කියන අගයේ. අද දිනය වනවිට මහා බ්‍රිතාන්‍යයේ 0.13ක් සහ ඉන්දියාවෙ 2.38ක් විදියට තමයි සඳහන් වෙන්නෙ. එතකොට ලංකාව 2.39ක්. ඉන්දියාව 2.38ක්. මේ වනවිටත් මේ කොවිඩ් මරණ අනුපාතිකය ගත්තාම අපි ඉන්නෙ ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්. ප්‍රමාණාත්මකව අඩු වුණත් මේ වාර්තා වීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වනවිට රට පවතින්නේ අතිශය තීරණාත්මක තත්වයක බැවින් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව දැන්ම පැවසීමට නොහැකි බව පැවසූ ඒ මහතා ඒ සඳහා ඉදිරි දින කිහිපයේත් දත්ත අධ්‍යනය කළයුතු බවත් සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්