හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ නායක Ismail Haniyeh මහතා අද (31) ඉරානයේ Tehran අගනුවරදී ඝාතනයට ලක්ව ඇති බව එම සංවිධානය තහවුරු කරයි.
හමාස් සංවිධානයේ නිවේදනයට අනුව Ismail Haniyeh මහතා ඊයේ (30) Tehran අගනුවරට පැමිණ ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා හා උත්තරීතර නායක Ayatollah Ali Khamenei මහතා හමු වී තිබේ. අනතුරුව, ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී නිවසට පැමිණීමෙන් පසු ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. Ismail Haniyeh මහතා හා ඔහුගේ ආරක්ෂකයෙකු ඉන් මිය ගොස් තිබේ.
හමාස් සංවිධානය ප්‍රකාශ කළේ මෙම ඝාතනය ඊශ්‍රායලය විසින් සිදු කර ඇති බවයි. එහෙත්, ඊශ්‍රායල හමුදාව මෙතෙක් එම සිද්ධිය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
කෙසේවෙතත්, ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය කරමින්, ඊට වගකිව යුතු පාර්ශ්ව හෙළිදරව් කරන බව ඉරානය අවධාරණය කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, එම ඝාතනය සම්බන්ධයෙන් ඉහළ අවධානය යොමු කරන චීනය එම ඝාතනය දැඩි ලෙස හෙළා දකින බවයි. මෙම ඝාතනය හේතුවෙන් කලාපීය තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇත. මේ පිළිබඳ චීනය කනස්සල්ලට පත් ව සිටින බව ද Lin Jian මහතා කියාසිටියේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි