තම රටේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් නොව අවස්ථාවක් බව චීනය පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු- චීන කාර්මික හා වාණිජ කොමිසම “ චීනය සමග ඇති වෙළඳාමෙන් ඕස්ට්‍රේලියානු ජනතාවට හිමිවන වාසි ”මැයෙන් වාර්තාවක් පසුගිය දා නිකුත් කර ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (2) එම වාර්තාව පිළිබඳ අදහස් දැක්වීය.
ඕස්ට්‍රේලියාව චීනය සමග පවතින වෙළඳ සම්බන්ධතා එරට ජනතාවට විශාල යහපතක් ගෙන දී ඇතැයි වාර්තාව උපුටා දැක්වූ කරුණු හා දත්තවලින් පිළිබිඹු වන බව ඔහු එහිදී පැවසීය. චීනයේ සංවර්ධනය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් නොව අවස්ථාවකි. වර්තමානයේ චීනය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යමින් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය කරා ගමන් කරමින් සිටී. මෙය චීන-ඕස්ට්‍රේලියානු සහයෝගිතාව වෙනුවෙන් වඩාත් පුළුල් අවස්ථා විවිර කරනු ඇති බව ලින් චියෙන් මහතා පවසයි. ඕස්ට්‍රේලියාව සමග එක්ව දෙරටේ නායකයන් එළඹි එකඟතා පදනම් කරගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව තව තවත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි