අනුරාධපුර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳියකින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා සඳහන් කළේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පළාත්වලින් වෙළෙඳුන් පැමිණීම හේතුවෙන් මෙම පරීක්ෂණය සිදුකිරීමට පියවර ගත් බවය.
එම පරීක්ෂණ වාර්තා අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.
ඉදිරි සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයක පුද්ගලයින් 100 බැගින් මෙලෙස පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඊයේ (15) දිනය තුළ ද මෙරට තුළ පී.සි.ආර්. පරීක්ෂණ 1120ක් සිදුකර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට සිදුකර ඇති සමස්ත පී.සි.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 185,118ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එමෙන්ම අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 15 දෙනෙකු නිවෙස් වෙත පිටත්කර හැරීමට නියමිතව තිබේ.
එම පිරිසත් සමග මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 30,524 දෙනෙකු නිවෙස් වෙත පිටත්කර හැරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 42ක් තුළ පුද්ගලයින් 4,756 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටින බව වාර්තා වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව