ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට සහ පරිගනක දත්ත විෂ්ලේෂකට කොවිඩ් 19 වෛරසය ආසාධනයවීම හේතුවෙන් පැන නැගී ඇති කොරෝනා වෛරස් බිය හේතුවෙන් ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භ දින 4 කින් ප්‍රමාද කිරීමට දෙරටේ ක්‍රිකට් ප්‍රධානියෝ එකඟතාවයකට පැමිණ සිටිති.
ඒ අනුව මේ මස 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භවීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය ලබන 17 වැනිදා දක්වා කල් දැමීමට පියවර ගෙන තිබ්. ඒ අනුව දෙවැනි තරගය 19 වැනිදාත් තෙවැනි තරගය 21 වැනිදාත් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ජූලි මස 24, 25 සහ 27 යන තෙදිනදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට තීරණය වී තිබේ.
තරගාවලිය දින 4 ක් පස්සට

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි