මේ දිනවල තමා තදින්ම විශ්වාස කරන වචනය ‘වෙනස’ බව තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් පවසයි. ඔහු මේ බව සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (22 වැනිදා) සටහනක් තබමින් කියා තිබේ.
කලක පටන් සී.සී.සී. ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ මෙන්ඩිස් එස්.එස්.සී. කණ්ඩායම සමගින් ඉදිරියේදී ක්‍රීඩා කරන බවටද අදාළ සටහනෙන් දක්වා තිබුණි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සිය සිහිනය නැවත ලිවීමට ධෛර්යයක් වනු ඇති බවටද මෙන්ඩිස් එම සටහනෙහි වැඩිදුරටත් දක්වා ඇත. සී.සී.සී. ක්‍රීඩා සමාජය සිය දෙවැනි නිවස යැයි කියා තිබෙන මෙන්ඩිස් එහි ක්‍රීඩා කිරීමේදී වසර ගණනාවක් සිට සහය දුන් සැමට ස්තුති වන්ත වන බවද කියා තිබේ.
එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුළේ නීතිරීතිවලට යටත්ව කටයුතු නොකිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වසරකටත්, දේශීය තරග පිටිය මාස හයකටත් තහනම් විය.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි