වසංගතය පාලනය කර ගැනීම සඳහා වැඩි වගකීමක් ජනතාව සතුව පවතින බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කරයි.
තවද මොහොතේ පවතින භයානක තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා ඇති බවත් ජනතාව විවිධ බොරු පවසමින් එය උල්ලංඝනය කිරීම තුළින් ජනතාවගේ නොහික්මුණු ස්වභාවය පෙන්නුම් කරන බවත් පේනවා දෙයි.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා,
“සංචරණ සීමා ඇති කරන්න හේතුව තමයි මේ රටාවෙන් දිගට ගියොත් අපි ලොකු අගාධයකට වැටීමට නියමිතයි. මේක වළක්වා ගන්න පුළුවන්කම තියෙන්නේ රජයට, නිලධාරීන්ට වඩා වැඩියෙන් වගකීම තියෙන්නේ ජනතාවට. ඒ නිසා ජනතාව අංගවිකල හැසිරීම්වලින් ඉවත්වෙලා වගකිව යුතු මිනිස්සු හැටියට කටයුතු කරන්න ඕනේ.“
“ආපු බෙහෙත දෙසැරයක් හිතන්නේ නැතුව විදගන්න. හොඳ එකක් ඉදිරියේ දී එනකොට ඔබ කොරෝනා රෝගයෙන් මියගිහින් හිටියොත් ඒ බෙහෙත විඳගන්න වෙන්නේ ඔබට නෙමෙයි. ඒ නිසා ලබාදීලා තියෙන බෙහෙත හැකි ඉක්මනින් පැමිණිලා ලබාගන්න. තර්ක කර කර ඉන්න එපා. බෙහෙත සීමිතයි. එතකොට ලබා ගන්න බැරි වෙනවා.“
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති