හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළා. ඒ තරුණයකු පැහැරගෙන ගිය බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්.
2015 වසරේ දෙසැම්බර්15 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කළ අමිල ප්‍රියංකර නමැති තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුවක් ගොණුකර තිබෙනවා. එම නඩුව අද(17)කැදවූ අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණයට සිතාසි නිකුත් කළා.
සිතාසිය අද (17) දිනම ක්‍රියාත්මක කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක