ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා එරටට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කමිල් මිෂාර නැවතත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.
ක‍්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ඔහුට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා මත මෙම කැදවීම කර ඇති බවයි.
ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඔහු රැදී සිටි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.
More Stories
ශ්රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි